The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesJonah [Yunus] - Sinhalese translation - Rowwad Translation Center - Ayah 71
Surah Jonah [Yunus] Ayah 109 Location Maccah Number 10
۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ [٧١]
තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නො විය යුතු ය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නො දෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු.