عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Competition [At-Takathur] - Sinhalese translation - Rowwad Translation Center

Surah Competition [At-Takathur] Ayah 8 Location Maccah Number 102

තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.

නුඹලා මිනීවළවල් හමු වන තුරු,

එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,

නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.

පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.

තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.