عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Disbelievers [Al-Kafiroon] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Disbelievers [Al-Kafiroon] Ayah 6 Location Maccah Number 109

(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!

නුඹලා නමදින දෑ මම නො නමදිමි.

තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.

තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.

තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.

නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.