عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

He Frowned [Abasa] - Sinhalese translation - Rowwad Translation Center

Surah He Frowned [Abasa] Ayah 42 Location Maccah Number 80

ඔහු මුහුණ හකුළා හැරුනේ ය.

(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?

එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.

"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"

"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"

නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.

එසේ නොව සැබැවින් ම එය උපදෙසකි.

එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!

(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)

මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?

කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?

ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.

අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.

පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.

පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.

එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!

සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

මිදි හා එළවළු ද

ඔලිව් හා රටඉඳි ද

පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)

(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.

එබැවින් මහා හඬ පැමිණි විට,

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;

තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)

එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.

අඳුර ඒවා වසා ගනු ඇත.

ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.