عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Defrauding [Al-Mutaffifin] - Sinhalese translation - Rowwad Translation Center

Surah Defrauding [Al-Mutaffifin] Ayah 36 Location Maccah Number 83

කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.

ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?

මහත් වූ දිනයක් සඳහා.

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය.

(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

(එය) ලියන ලද වාර්තා පොතකි.

බොරු කරන්නන්හට එදින විනාශය ය.

මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත.

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.

නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය.

තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

(එය) ලියන ලද වාර්තා පොතකි.

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.

නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති.

කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.

(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.

නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය.

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය.

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය.

තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය.

එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.

සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?