عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The morning star [At-Tariq] - Sinhalese translation - Rowwad Translation Center

Surah The morning star [At-Tariq] Ayah 17 Location Maccah Number 86

අහස මත ද තාරික් මත ද දිවුරමින්,

තාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා!

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය.

කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

එදින රහස්‍ය දෑ හෙළි කරනු ලැබේ.

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.

තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,

සැබැවින් ම එය තීරණාත්මක වදනකි.

තවද එය සරදමක් නො වේ.

සැබැවින්ම ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කරති.

මම ද සැලසුමක් සැලසුම් කරමි.

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.