The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Overwhelming [Al-Ghashiya] - Sinhalese translation - Rowwad Translation Center
Surah The Overwhelming [Al-Ghashiya] Ayah 26 Location Maccah Number 88
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.
වෙහෙසව හා විඩාවට පත්ව පවතී.
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.
එහි ගලා යන උල්පත් ඇත.
එහි උස් නිදියහන් ද ඇත.
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
වියන ලද කොට්ට ද,
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය.
සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.