عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The City [Al-Balad] - Sinhalese translation - Rowwad Translation Center

Surah The City [Al-Balad] Ayah 20 Location Maccah Number 90

මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.

නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,

පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.

ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද?

මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.

ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද?

අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද?

දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?)

තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.

එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය.

අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

(එය) වහලෙකු නිදහස් කිරීම;

එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;

එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)

පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.

ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ.

තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය වමත් පාර්ශවයින් වන්නෝ.

ඔවුන්හට මොළ වන ලද (නිරයේ) ගින්න ඇත.