عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Clear proof [Al-Bayyina] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Clear proof [Al-Bayyina] Ayah 8 Location Madanah Number 98

ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ.

එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.

එහි ඍජු නීති රීති ඇත.

තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය.

තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි.

සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.

සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ.

ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය.