عربيEnglish

مريم ابنت عمران عليها السلام موسوعة القرآن الكريم

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The earthquake [Al-Zalzala] - Sinhalese translation - Rowwad Translation Center

Surah The earthquake [Al-Zalzala] Ayah 8 Location Madanah Number 99

මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,

මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,

තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.

එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.

සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,

එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.