وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا
السنهالية | සිංහල
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලෛහිස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේ ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහිකරනු.
فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا
السنهالية | සිංහල
ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොරව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමාවඅපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම්හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය.
قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا
السنهالية | සිංහල
පූර්ණ මිනිසෙකුගේ හැඩයෙන් යුතු ව ඔහු ඇය වෙත ඉදිරියට එනු දුටු ඇය, “අහෝ! ඔබ අල්ලාහ්ටබැතිමත් අයෙකු නම් ඔහුට බියවනු. නුඹෙන් මට ඇතිවිය හැකි හානියෙන් සැබැවින්ම මම ආරක්ෂාවමහාකාරුණිකයාණන් වෙත පතමි” යැයි පැවසුවාය.
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا
السنهالية | සිංහල
ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා, “මම මිනිසෙකු නොවෙමි. සැබැවින්ම නුඹට දැහැමි පිවිතුරු දරුවෙකුපරිත්‍යාග කිරීම (ගැන දන්වනු) සඳහා සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත එවනු ලැබූදේව දූතයෙකු වෙමි”යැයි පැවසීය.
قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا
السنهالية | සිංහල
මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, “සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මටදරුවෙකු ඇති වනුයේ කෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක්නොවූයෙමි” යැයි පැවසුවාය.
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا
السنهالية | සිංහල
ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා ඇයට, “සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කරනොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවෙකු මැවීම මා වෙත පහසු කාර්යයක්’ යැයි පවසාසිටියි. ඔබට ත්‍යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුන් හට පෙන්වා දෙනසළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවෙකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය’ යැයි පැවසුවේය.
۞فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا
السنهالية | සිංහල
මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් වගියාය.
فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا
السنهالية | සිංහල
විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලෛහිස් සලාම්) තුමිය, “මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහිනොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?“යි පැවසුවාය.
فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا
السنهالية | සිංහල
ඇයගේ පාද දෙක යටින් ඊසා (අලෛහිස් සලාම්) තුමා ඇය ව අමතා, “ඔබ දුක් නොවනු. ඔබ ජලය පානයකිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේ පරමාධිපති ඇති කළේය.“ යැයි පැවසීය.
وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا
السنهالية | සිංහල
“ඔබ ඉඳි ගස් කඳ අල්ලාගෙන සොලවනු. ඒ මෙහොතේම නෙළන ලද නැවුම් ඉඳි නුඹ මත වැටෙනු ඇත.“
فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَٱلۡيَوۡمَ إِنسِيّٗا
السنهالية | සිංහල
නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටුවනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම්නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන්අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන් දන්වනු) පවසනු.
فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا
السنهالية | සිංහල
මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළාදකිමින්, “අහෝ මර්යම්! පියෙකු නොමැති දරුවෙකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතල කරුණක් සිදු කරතිබේ” යැයි පැවසීය.
يَـٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا
السنهالية | සිංහල
“අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!“ (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන්සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරනපිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියෙකු නොමැති ව දරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?
فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا
السنهالية | සිංහල
එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලෛහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේසමූහයා පුදුමයෙන් යුතුව: “දරුවා තොටිල්ලෙහි සිටියදී අප ඔහු සමඟ කතා කළ හැක්කේ කෙසේදැ?“යිවිමසා සිටියෝය.
قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا
السنهالية | සිංහල
ඊසා (අලෛහිස් සලාම්) තුමා, “සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. මා වෙත ඔහු ඉන්ජීලයපිරිනමා ඇත. එමෙන්ම ඔහුගේ නබිවරුන් අතරින් නබිවරයෙකු ලෙස ඔහු මා පත් කර ඇත.“ යැයිපැවසීය.
وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا
السنهالية | සිංහල
“මා කොතැනක සිටිය ද, ගැත්තන්හට අධික ලෙස සෙත සලසන්නෙකු බවට ඔහු මා පත් කර ඇත. එමෙන්ම මාගේ ජීවිතාන්තය දක්වාම සලාතය ඉටු කරන මෙන් ද සකාත් පිරිනමන මෙන් ද ඔහු මටනියෝග කර ඇත.“
وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا
السنهالية | සිංහල
තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනතවීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුට පාපකම් සිදු කරන්නෙකු ලෙස ඔහු මා පත් කර නැත.
وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا
السنهالية | සිංහල
මා උපන් දිනයේත් මා මිය යන දිනයේදීත් මා යළිත් ජීමානව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේත්ෂෙයිතාන් හා ඔහුගේ උදව්කරුවන්ගෙන් ආරක්ෂාව මා වෙත විය. මේ විශේෂිත සංසිද්ධීන් තුනෙහිමෂෙයිතාන් මා ස්පර්ශ කළේ නැත.
ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ
السنهالية | සිංහල
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්‍රකාශය එතුමාසම්බන්ධයෙන් වූ සත්‍යය ප්‍රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟගියවුන් පවසන ප්‍රකාශයක් නොවේ.
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
السنهالية | සිංහල
කිසිදු දරුවෙකු ගැනීමේ අවශ්‍යතාවක් අල්ලාහ්ට නොවීය. ඔහු එයින් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහු යම්කටයුත්තක් සිතූ විට, ශුද්ධවන්තයාණන් වන ඔහු එම කරුණට ‘කුන්’ – වනු යැයි පැවසීම ප්රමාණවත්ය. එවිට කිසිදු සැකයකින් තොරව එය සිදුවන්නේය. එසේ කටයුතු කරන්නා දරුවන්ගෙන් තොර පිවිතුරුවූවෙකි.
