لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَايَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
السنهالية | සිංහල
සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්‍රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑවිනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නටකිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නටකිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම්සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනයඅල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලෛහිස්සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.
مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡكَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ
السنهالية | සිංහල
මර්යම්ගේ පුත් ඊසා ධර්ම දූතවරුන් අතර දූතයෙකු මිස වෙනකෙක් නොවීය. ඔවුනට මරණය අත්වූවාක්මෙන් මොහුටද මරණය අත් විය. ඔහුගේ මව මර්යම් තුමිය වූවාය. අධික වශයෙන් සත්‍ය පවසන මෙන්මසත්‍ය තහවුරු කරන තැනැත්තියක් වූවාය. මේ දෙදෙනාම තම අවශ්‍යතා සපුරා ගැනීමත් සමඟම ආහාර දඅනුභව කළෝය. එසේ නම් ආහාර අවශ්‍යතා ඔවුන් දෙදෙනාට තිබියදී ඔවුන් දෙදෙනා දෙවිවරුන් වියහැක්කේ කෙසේද? අහෝ දූතය! බුද්ධිමත් ව සිතා බලන්න. ඒකීයත්වයට හා අල්ලාහ් නොවන දෑටදේවත්වය ඈඳා එහි ඉක්මවා ගිය ඔවුන්ගේ ව්‍යාජත්වයට අල්ලාහ්ගේ සංඥාවන් පෙන්වා දෙමින් අපිඔවුනට පැහැදිලි කරනුයේ කෙසේදැ?යි බලනු. නමුත් එසේ තිබියදීත් ඔවුන් එම සංඥාවන් ප්රතික්ෂේපකළෝය. නැවතත් බුද්ධිමත් ව සිතා බලනු. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාධකතිබියදීත් ඔවුන් සත්‍යයෙන් වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ දැයි ද බලනු.
إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَفِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِبِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡكَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
السنهالية | සිංහල
අල්ලාහ් ඊසා (අලෛහිස් සලාම්) තුමා සමඟ කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේපුත් ඊසා! ඔබ ව පියෙකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතරින් ඇය ව විශේෂයෙන් තෝරාගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදීඅල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමඟ කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපිඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමඟ කතා කිරීමටත් ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා මඟින් ඔබ ව ශක්තිමත්කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලෛහිස් සලාම්) තුමාවෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතිනයථාර්ථයන්, එහි ප්‍රයෝජන හා එහි ප්‍රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේහැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එමඅවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ටප්‍රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන්ඔබ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේඅනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්‍රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයදමෙනෙහි කර බලනු. ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ‘ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක්නොවේ යැයි පැවසූහ.
وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَمَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِينَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
السنهالية | සිංහල
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමඟ කතා කරමින් පැවසූඅවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන්බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේපිළිතුරු දුන්නේය. සත්‍ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බවනිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේනැති බැවිනි. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්තව ඇති සියලුම දෑ ද, සැඟ වී ඇති සියලුම දෑ ද, මතුපිටින් ඇති සියලුම දෑ ද, දන්නේ ඔබ පමණය.
