التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [التحريم]

وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦوَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ

السنهالية | සිංහල

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට තම රහස්‍ය පෙදෙස දුරාචාරයෙන් ආරක්ෂා කරගත්ඉම්රාන්ගේ දියණිය වූ මරියම් තුමියගේ තත්ත්වය උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් ඇය තුළ පිඹිනමෙන් ජිබ්රීල් තුමාට නියෝග කළේය. එවිට අල්ලාහ්ගේ බලයෙන් කිසිදු පියෙකුගෙන් තොරව මර්යම්ගේපුත් ඊසාව ඇය ඉසිලුවාය. ඇය අල්ලාහ්ගේ පිළිවෙත් මෙන්ම ඔහුගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූඔහුගේ ලේඛන සත්‍ය බව තහවුරු කළාය. ඇය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළදැයින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වන්නන් අතරින් වූවාය.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [المؤمنون]

وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ

السنهالية | සිංහල

මර්යම්ගේ පුත් ඊසා හා ඔහුගේ මව මර්යම් (අලෛහිස් සලාම්) යන දෙදෙනා අපගේ බලය පෙන්වා දෙනසාධකයක් බවට අපි පත් කළෙමු. ඇය ඔහුව කිසිදු පියෙකුගෙන් තොරව පිළිසිඳ ගත්තාය. පදිංචි වීමටසුදුසු තැනිතලා සහිත පොළොවේ උස් ස්ථානයක් වෙත අපි ඔවුන් දෙදෙනා ගෙනාවෙමු. එහි නැවුම්ව ගලායන ජලය විය.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [الأنبياء]

وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ

السنهالية | සිංහල

අහෝ දූතය! දුරාචාරයෙන් තම රහස්‍ය පෙදෙස ආරක්ෂා කරගත් මර්යම් (අලෛහිස් සලාම්) තුමිය පිළිබඳකතා වස්තුව ද මෙනෙහි කරනු. ඇය වෙත අල්ලාහ් ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමාව යැව්වේය. ඔහු ඇයතුළ පිම්ඹේය. එමගින් ඇය ඊසා (අලෛහිස් සලාම්) තුමා ව පිළිසිඳ ගත්තාය. ඇය හා ඇයගේ පුත් ඊසාමිනිසුන්ට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සළකුණක් විය. පියෙකුගෙන් තොර ව මැවීමට හැකි ඔහුවකිසිවෙකු විසින් පරාජයට පත් කළ නොහැක.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [مريم]

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا

السنهالية | සිංහල

අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලෛහිස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේ ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහිකරනු.

فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا

السنهالية | සිංහල

ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොරව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමාවඅපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම්හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය.

قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا

السنهالية | සිංහල

පූර්ණ මිනිසෙකුගේ හැඩයෙන් යුතු ව ඔහු ඇය වෙත ඉදිරියට එනු දුටු ඇය, “අහෝ! ඔබ අල්ලාහ්ටබැතිමත් අයෙකු නම් ඔහුට බියවනු. නුඹෙන් මට ඇතිවිය හැකි හානියෙන් සැබැවින්ම මම ආරක්ෂාවමහාකාරුණිකයාණන් වෙත පතමි” යැයි පැවසුවාය.

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا

السنهالية | සිංහල

ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා, “මම මිනිසෙකු නොවෙමි. සැබැවින්ම නුඹට දැහැමි පිවිතුරු දරුවෙකුපරිත්‍යාග කිරීම (ගැන දන්වනු) සඳහා සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත එවනු ලැබූදේව දූතයෙකු වෙමි”යැයි පැවසීය.

قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا

السنهالية | සිංහල

මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, “සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මටදරුවෙකු ඇති වනුයේ කෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක්නොවූයෙමි” යැයි පැවසුවාය.

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا

السنهالية | සිංහල

ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා ඇයට, “සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කරනොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවෙකු මැවීම මා වෙත පහසු කාර්යයක්’ යැයි පවසාසිටියි. ඔබට ත්‍යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුන් හට පෙන්වා දෙනසළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවෙකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය’ යැයි පැවසුවේය.

۞فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا

السنهالية | සිංහල

මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් වගියාය.

فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا

السنهالية | සිංහල

විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලෛහිස් සලාම්) තුමිය, “මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහිනොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?“යි පැවසුවාය.

فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا

السنهالية | සිංහල

ඇයගේ පාද දෙක යටින් ඊසා (අලෛහිස් සලාම්) තුමා ඇය ව අමතා, “ඔබ දුක් නොවනු. ඔබ ජලය පානයකිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේ පරමාධිපති ඇති කළේය.“ යැයි පැවසීය.

وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا

السنهالية | සිංහල

“ඔබ ඉඳි ගස් කඳ අල්ලාගෙන සොලවනු. ඒ මෙහොතේම නෙළන ලද නැවුම් ඉඳි නුඹ මත වැටෙනු ඇත.“

فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَٱلۡيَوۡمَ إِنسِيّٗا

السنهالية | සිංහල

නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටුවනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම්නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන්අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන් දන්වනු) පවසනු.

فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا

السنهالية | සිංහල

මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළාදකිමින්, “අහෝ මර්යම්! පියෙකු නොමැති දරුවෙකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතල කරුණක් සිදු කරතිබේ” යැයි පැවසීය.

يَـٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا

السنهالية | සිංහල

“අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!“ (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන්සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරනපිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියෙකු නොමැති ව දරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?

فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا

السنهالية | සිංහල

එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලෛහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේසමූහයා පුදුමයෙන් යුතුව: “දරුවා තොටිල්ලෙහි සිටියදී අප ඔහු සමඟ කතා කළ හැක්කේ කෙසේදැ?“යිවිමසා සිටියෝය.

قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا

السنهالية | සිංහල

ඊසා (අලෛහිස් සලාම්) තුමා, “සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. මා වෙත ඔහු ඉන්ජීලයපිරිනමා ඇත. එමෙන්ම ඔහුගේ නබිවරුන් අතරින් නබිවරයෙකු ලෙස ඔහු මා පත් කර ඇත.“ යැයිපැවසීය.

وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا

السنهالية | සිංහල

“මා කොතැනක සිටිය ද, ගැත්තන්හට අධික ලෙස සෙත සලසන්නෙකු බවට ඔහු මා පත් කර ඇත. එමෙන්ම මාගේ ජීවිතාන්තය දක්වාම සලාතය ඉටු කරන මෙන් ද සකාත් පිරිනමන මෙන් ද ඔහු මටනියෝග කර ඇත.“

وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا

السنهالية | සිංහල

තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනතවීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුට පාපකම් සිදු කරන්නෙකු ලෙස ඔහු මා පත් කර නැත.

وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا

السنهالية | සිංහල

මා උපන් දිනයේත් මා මිය යන දිනයේදීත් මා යළිත් ජීමානව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේත්ෂෙයිතාන් හා ඔහුගේ උදව්කරුවන්ගෙන් ආරක්ෂාව මා වෙත විය. මේ විශේෂිත සංසිද්ධීන් තුනෙහිමෂෙයිතාන් මා ස්පර්ශ කළේ නැත.

ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ

السنهالية | සිංහල

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්‍රකාශය එතුමාසම්බන්ධයෙන් වූ සත්‍යය ප්‍රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟගියවුන් පවසන ප්‍රකාශයක් නොවේ.

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

السنهالية | සිංහල

කිසිදු දරුවෙකු ගැනීමේ අවශ්‍යතාවක් අල්ලාහ්ට නොවීය. ඔහු එයින් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහු යම්කටයුත්තක් සිතූ විට, ශුද්ධවන්තයාණන් වන ඔහු එම කරුණට ‘කුන්’ – වනු යැයි පැවසීම ප්‍රමාණවත්ය. එවිට කිසිදු සැකයකින් තොරව එය සිදුවන්නේය. එසේ කටයුතු කරන්නා දරුවන්ගෙන් තොර පිවිතුරුවූවෙකි.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [المائدة]

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَايَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

السنهالية | සිංහල

සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්‍රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑවිනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නටකිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නටකිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම්සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනයඅල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලෛහිස්සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.

مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡكَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ

السنهالية | සිංහල

මර්යම්ගේ පුත් ඊසා ධර්ම දූතවරුන් අතර දූතයෙකු මිස වෙනකෙක් නොවීය. ඔවුනට මරණය අත්වූවාක්මෙන් මොහුටද මරණය අත් විය. ඔහුගේ මව මර්යම් තුමිය වූවාය. අධික වශයෙන් සත්‍ය පවසන මෙන්මසත්‍ය තහවුරු කරන තැනැත්තියක් වූවාය. මේ දෙදෙනාම තම අවශ්‍යතා සපුරා ගැනීමත් සමඟම ආහාර දඅනුභව කළෝය. එසේ නම් ආහාර අවශ්‍යතා ඔවුන් දෙදෙනාට තිබියදී ඔවුන් දෙදෙනා දෙවිවරුන් වියහැක්කේ කෙසේද? අහෝ දූතය! බුද්ධිමත් ව සිතා බලන්න. ඒකීයත්වයට හා අල්ලාහ් නොවන දෑටදේවත්වය ඈඳා එහි ඉක්මවා ගිය ඔවුන්ගේ ව්‍යාජත්වයට අල්ලාහ්ගේ සංඥාවන් පෙන්වා දෙමින් අපිඔවුනට පැහැදිලි කරනුයේ කෙසේදැ?යි බලනු. නමුත් එසේ තිබියදීත් ඔවුන් එම සංඥාවන් ප්‍රතික්ෂේපකළෝය. නැවතත් බුද්ධිමත් ව සිතා බලනු. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාධකතිබියදීත් ඔවුන් සත්‍යයෙන් වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ දැයි ද බලනු.

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَفِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِبِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡكَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

السنهالية | සිංහල

අල්ලාහ් ඊසා (අලෛහිස් සලාම්) තුමා සමඟ කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේපුත් ඊසා! ඔබ ව පියෙකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතරින් ඇය ව විශේෂයෙන් තෝරාගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදීඅල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමඟ කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපිඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමඟ කතා කිරීමටත් ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා මඟින් ඔබ ව ශක්තිමත්කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලෛහිස් සලාම්) තුමාවෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතිනයථාර්ථයන්, එහි ප්‍රයෝජන හා එහි ප්‍රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේහැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එමඅවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ටප්‍රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන්ඔබ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේඅනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්‍රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයදමෙනෙහි කර බලනු. ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ‘ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක්නොවේ යැයි පැවසූහ.

وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَمَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِينَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ

السنهالية | සිංහල

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමඟ කතා කරමින් පැවසූඅවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන්බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේපිළිතුරු දුන්නේය. සත්‍ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බවනිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේනැති බැවිනි. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්තව ඇති සියලුම දෑ ද, සැඟ වී ඇති සියලුම දෑ ද, මතුපිටින් ඇති සියලුම දෑ ද, දන්නේ ඔබ පමණය.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [النساء]

وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا

السنهالية | සිංහල

ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් හා මර්යම් (අලෛහස් සලා ම්) තුමියට දුරචාරය ඇදා අපහාස කොටඅභූත චෝදනා හා අවලාද නැගූ හේතුවෙන් අපි ඔවුන් කරුණා දයාවෙන් ඉවත් කළෙමු.

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَاٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا

السنهالية | සිංහල

දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනයනොකරන්න. ඊසා (අලෛහිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්‍යය හැර වෙනත් කිසිවක් ගොතානොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. සත්‍යයෙන් යුතු වඔහු එව්වේය. ජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ, ඔහුගේ වදනින් ඔහුමැව්වේය. “කුන්” යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේනියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදුබෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්ව ත්‍රිත්වය යැයි නොපවසනු. මෙමව්‍යාජ, නරක ප්‍රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබටයහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතෙකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්‍යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද, මහපොළොවෙහි පාලනයද, ඒ දෙකහි ඇති පාලනයදඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්‍රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත්අල්ලාහ් ප්‍රමාණවත්ය.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [آل عمران]

۞إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ

السنهالية | සිංහල

සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෛහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (ආචාර) කිරීමටසැලැස්වීය. තවද නූහ් (අලෛහි සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත්කළේය. ඉබ්රාහීම්ගේ පරම්පරාව තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූතමෙහවර පිරිනැමුවේය. එමෙන්ම ඉම්රාන්ගේ පරම්පරාව ද ඔහු තෝරා පත් කළේය. මේ සියලු දෙනා තෝරාඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය.

ذُرِّيَّةَۢ بَعۡضُهَا مِنۢ بَعۡضٖۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

السنهالية | සිංහල

මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහිඅල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේදී ඔවුන් එකිනෙකා අතර සම්බන්ධකම්ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ්තම ගැත්තන් පවසන ප්‍රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත්එබැවිණි.

إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

السنهالية | සිංහල

අහෝ! දූතය, මර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනු. ඇය: ‘මාගේ පරමාධිපතියාණනි, මාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මටම පවරා ගනිමි. සියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස හා ඔබේ නිවසේ සේවය පිණිස පත්කරමි. එහෙයින් එය මගෙන් භාර ගනු. සැබැවින්ම ඔබ මාගේ ප්‍රාර්ථනාවට සවන් දෙන්නාය. මාගේචේතනාව පිළිබඳවද මැනවින් දන්නාය.

فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّيسَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ

السنهالية | සිංහල

ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්‍රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇයඅපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම ප්‍රසූත කර ඇත්තේ ගැහැනුදරුවෙකි.” යැයි කරුණු ඉදිරිපත් කළාය. ඇයට පිරිනමනු ලැබූ ගැහැනු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන්හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීය. තවදුරටත් ඇය: මම ඇයට මර්යම්යනුවෙන් නම් තැබුවෙමි. ඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේපරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි.

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَعِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ

السنهالية | සිංහල

අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේය. ඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලාගත්තේය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේය. ඇයගේභාරකාරත්වය සකරියියා වෙත පැවරුවේය. සකරියියා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම්කරන ස්ථානය අසල සරල ප්‍රණීත ආහාර දුටුවේය. ඔහු ඇය අමතා: “අහෝ! මර්යම්, මෙම ආහාරය ඔබටලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේය. ඇය පිළිතුරු වශයෙන්: “මෙම ආහාරය අල්ලාහ් වෙතිනි. නියතවශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ආහාර සපයන්නේය.

وَإِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ

السنهالية | සිංහල

අහෝ! දූතය, මලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු: “ප්‍රශංසනීයගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ ව තෝරා ඇත. අඩුපාඩුකම් වලින් ඔහුනුඹ ව පිවිතුරු කර ඇත. නුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ ව තෝරා ගෙන ඇත.”යැයි මර්යම් තුමියට පැවසූහ.

يَٰمَرۡيَمُ ٱقۡنُتِي لِرَبِّكِ وَٱسۡجُدِي وَٱرۡكَعِي مَعَ ٱلرَّـٰكِعِينَ

السنهالية | සිංහල

අහෝ! මර්යම්, දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනු. නුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරසනමස්කාර) කරනු. ඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාරකරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු.

ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۚ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يُلۡقُونَ أَقۡلَٰمَهُمۡ أَيُّهُمۡ يَكۡفُلُ مَرۡيَمَ وَمَا كُنتَلَدَيۡهِمۡ إِذۡ يَخۡتَصِمُونَ

السنهالية | සිංහල

සකරියියා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම වහී මගින් පහළ කළ තොරතුරු ගුප්ත තොරතුරු ය. අහෝ! දූතය. මර්යම් තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළඅවස්ථාවේ නුඹ එහි නොවීය. ඔවුන් ඒ සඳහා කුසපත් අදින්නට විය. ඔවුන්ගේ පන්හිඳ වල් බිමට දැමීය. සකරි‍යියාගේ පන්හිඳ ජය ලැබීය.

إِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٖ مِّنۡهُ ٱسۡمُهُ ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ وَجِيهٗا فِيٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمِنَ ٱلۡمُقَرَّبِينَ

السنهالية | සිංහල

අහෝ! දූතය, මලක්වරු මර්යම් තුමියට මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුහු: “අහෝ! මර්යම්, පියෙකු නොමැති අසාමාන්‍ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතය. එය අල්ලාහ්ගෙන් වූ වදනක්පමණය. ‘කුන්’ (වනු) යන ප්‍රකාශයකින් එය සිදු වනු ඇත. එවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහිවේ. එම දරුවාගේ නම අල්–මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසාය. මෙලොව හා මතු ලොවෙහි මෙන්මඅල්ලාහ් වෙත සමීපවන්නන් අතර ද අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය.

وَيُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗا وَمِنَ ٱلصَّـٰلِحِينَ

السنهالية | සිංහල

ඊසා (අලෛහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්‍යලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයි. පූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටිඅවදියේ ද ඔහු ඔවුන් සමග කතා කරනු ඇත. එහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකිකකටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයි. තම ප්‍රකාශ හා තම ක්‍රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන්අතර ඔහු සිටියි.

قَالَتۡ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخۡلُقُ مَا يَشَآءُۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَايَقُولُ لَهُۥ كُن فَيَكُونُ

السنهالية | සිංහල

සැමියෙකු නොමැති ව දරුවෙකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය: “නිත්‍යානුකූල හෝ නිත්‍යානුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දරුවෙකු ලැබෙනුයේකෙසේදැ?යි විමසා සිටියාය. එවිට මලක්වරයා: පියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවෙකුමැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්‍ය ලෙස මවනු ඇත. එහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහුසිතුවේ නම්, එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇත. නොහැකියාව යනු ඔහු සතුගුණාංගයක් නොවන්නේය.

وَيُعَلِّمُهُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ

السنهالية | සිංහල

ලිවීම, ක්‍රියා කිරීම කතාවෙහි හා ක්‍රියාවෙහි කටයුතු කළ යුතු ආකාරය අල්ලාහ් ඔහුට ඉගැන්වීය. එමෙන්මමූසා (අලෛහිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයද ඔහුට පහළ වන්නට යන ඉන්ජීලයද අල්ලාහ්ඉගැන්වීය.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير ئۇيغۇرچە سورة [التحريم]

وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦوَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ

الأيغورية | ئۇيغۇرچە

ئاللاھ تائالا ئۆزىگە ۋە پەيغەمبەرلىرىگە ئىمان ئېيتقان مۇئمىنلەرگە ئىپپىتىنى زىنادىن ساقلىغانئىمراننىڭ قىزى مەريەمنى مىسال قىلىپ كۆرسەتتى. ئاللاھ جىبرىلنى ئۇنىڭغا روھ پۈۋلەشكەبۇيرۇدى. شۇنىڭ بىلەن ئۇ ئاللاھنىڭ قۇدرىتى بىلەن ئىيساغا ھامىلدار بولدى. مەريەم ئاللاھنىڭشەرىئەتلىرىگە ۋە پەيغەمبەرلىرىگە نازىل قىلىنغان كىتابلىرىغا چىنپۈتتى. ئۇ ئاللاھنىڭبۇيرۇقلىرىنى بەجا كەلتۈرۈش ۋە چەكلىمىلىرىدىن يېنىش ئارقىلىق ئاللاھقا ئىتائەتقىلغۇچىلاردىن ئىدى.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير ئۇيغۇرچە سورة [المؤمنون]

وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ

الأيغورية | ئۇيغۇرچە

بىز مەريەم ئوغلى ئىيسانى ۋە ئۇنىڭ ئانىسى مەريەمنى قۇدرىتىمىزنى كۆرسىتىپ بېرىدىغانئالامەت قىلدۇقكى، مەريەم ئىيساغا دادىسىز ھامىلدار بولدى. بىز ئانا – بالا ئىككىسىنىزېمىندىن ماكانلىشىشقا ئەپلىك تۈپتۈز، داۋاملىق يېڭى سۇ ئېقىپ تۇرىدىغان، ئېگىز بىر جايغائورۇنلاشتۇردۇق.

التصنيفات
القرآن الكريم

المختصر في التفسير ئۇيغۇرچە سورة [الأنبياء]

وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ

الأيغورية | ئۇيغۇرچە

ئى پەيغەمبەر! مەريەم ئەلەيھىسسالامنىڭ ۋەقەلىكىنى سۆزلەپ بەرگىنكى، ئۇ ئۆزىنى زىنادىنساقلىدى. ئاندىن ئاللاھ ئۇنىڭ قېشىغا جىبرىل ئەلەيھىسسالامنى ئەۋەتىپ، ئۇنىڭغا (بىزتەرەپتىن بولغان روھنى) پۈۋلىدى، شۇنىڭ بىلەن مەريەم ئىيساغا ھامىلدار بولدى. مەريەمبىلەن ئوغلى ئىيسا ئىنسانلارغا ئاللاھنىڭ قۇدرىتىنىڭ روشەن نامايەندىسى ئىدى. ئاللاھنىڭئىيسانى دادىسىز ياراتقانلىقى ئۇنىڭ ھېچ نەرسىدىن ئاجىز ئەمەسلىكىنىڭ ئالامىتىدۇر.